Skip to main content

දෙමළ භාෂාව පටුන ඉන්දියානු ද්‍රවිඩ භාෂා දෙමළ භාෂාවේ ඉතිහාසය දෙමළ සාහිත්‍ය භාෂන දෙමළ හා ලේඛන දෙමළ ආශ්‍රිත ලිපි සටහන් සංචාලන මෙනුව

භාෂා


ඉන්දියාවේsiතමිල්නාඩු ප්‍රාන්තයශ්‍රී ලංකාවකැනඩාවසිංගප්පූරුවෆීජිමුරුසියදකුණු අප්‍රිකාවයුරෝපයතමිල්නාඩුවඉන්දියාවශ්‍රී ලංකාවසිංගප්පූරුවේභාෂනය












දෙමළ භාෂාව




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search



Zhakaram.PNG

දෙමළ දකුණු ඉන්දියාවේsi තමිල්නාඩු ප්‍රාන්තය නිජබිම කරගත් ජනවර්ගයකගේ මවු භාෂාවයි. ශ්‍රී ලංකාව, කැනඩාව, සිංගප්පූරුව, ෆීජි, මුරුසිය, දකුණු අප්‍රිකාව හා යුරෝපය යන රටවල ද මෙම බස කතාකරන මවු භාෂකයන් බහුල ලෙස විසිර වෙසෙති.විසි දෙකක් වූ ඉන්දියානු ද්‍රවිඩ භාෂා[තහවුරු කරන්න] පවුලට අයත් භාෂාවන් අතර ප්‍රථම සම්භව්‍ය භාෂාව [තහවුරු කරන්න]දෙමළ භාෂාවයි.සාමන්‍යෙයන් ද්‍රවිඩ භාෂා පවුල ප්‍රාදේශිය වශයෙන් වර්ග තුනකට බෙදා දක්වයි.




පටුන





  • 1 ඉන්දියානු ද්‍රවිඩ භාෂා


  • 2 දෙමළ භාෂාවේ ඉතිහාසය


  • 3 දෙමළ සාහිත්‍ය


  • 4 භාෂන දෙමළ හා ලේඛන දෙමළ

    • 4.1 භාෂන දෙමළ


    • 4.2 ලේඛන දෙමළ


    • 4.3 දෙමළ අක්ෂර


    • 4.4 අක්ෂර උච්චාරණය

      • 4.4.1 දෙමළ හෝඩිය



    • 4.5 නාම පද



  • 5 ආශ්‍රිත ලිපි


  • 6 සටහන්




ඉන්දියානු ද්‍රවිඩ භාෂා



































දකුණු ඉන්දියානු ද්‍රවිඩ භාෂා
දෙමළ
මලෙයාලම්
කුඩකු
කන්ණඩම්
තූළු
තෝඩා
කෝත්තා
-
-
-
මධ්‍යම ඉන්දියානු ද්‍රවිඩ භාෂා
තෙළිගු
කෝණ්ඩි
කූ
කුවි
කෝලාමි
පාර්ජි
කත්පා
කෝණ්ඩා
නායික්කි
පෙංගෝ
උතුරු ඉන්දියානු ද්‍රවිඩ භාෂා
කුරුක්
මාල්තෝ
පීරාකූයි
-
-
-
-
-
-
-



මේ අනුව දකුණු දුවිඩ භාෂා තම්ළ්ණාඩු කේරළ කර්ණාටක ආදී දකුණු ඉන්දීය ප්‍රාන්ත වලද මධ්‍යම ද්‍රවිඩ භාෂා ආන්ද්‍රා ප්‍රදේශ් මධය ප්‍රදේශ් ඹරිස්සා ප්‍රදේහ් මහාරාෂ්ඨ යන ප්‍රාන්තවලද උතුරු ද්‍රවිඩ භාෂා උතුරු ඉන්දියාවෙද ව්‍යවහාර වෙයි.මේ අනුව දෙමළ යනු දකුණු ඉන්දීය ද්‍රවිඩ භාෂාවකි.දෙමළ බස.ද්‍රාවිඩ භාෂා පවුලට අයත් ප්‍රමුඛතම බසකි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව මුල් කරගෙන ලොව පුරා 80,000,000 ගේ මව් බසයි [1]. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුවේ රාජ්‍ය හා ජාතික භාෂාවලින් එකක් වශයෙන් යොදා ගැනේ.මීට අමතරව කැනඩාව මැලේසියාව මුරුසි දූපත් බුරුමය ආදී රටවල සැළකිවයුතු සුළු ජාතියක් ලෙස දෙමළ භාෂක ප්‍රජාවක් වාසය කරති.



දෙමළ භාෂාවේ ඉතිහාසය


දෙමළ හාෂාවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 30000−40000 අතර ඈතට දිවයනබව වාග් විද්‍යාඥයන්ගේ අදහසයි.ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාව දෙසට පැමිණි අර්යයන් විසින් එවක එහි සිටි ස්වදේශික ජනයා දකුණු ඉන්දියාවට පලවාහැර උතුරු ඉන්දියාවේ ශිෂ්ටාවාර ගොඩනැගීය.ද්‍රවිඩ යන්නෙහි තේරුම දකුණු දිග යන්නයි.ඒ අනුව එවක ඉන්දියාවේ සිටි ස්වදේශිකයන්ට වසර 40000 පමණ අතීතයක් පැවතුණ බව මානව විද්‍යාඥයන් සොයාගෙන ඇත.මෙළ භාෂාවේ ලිඛිත ඉතිහාසය පිළිබදව සළකා බැලීමේදී වසර 2000 වඩා පැරණි බව සොයාගෙන ඇත.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියැවුන ඉන්දියාවෙන් හමුවූ සෙල්ලිපි වලින් සියයට 55 ක්ම දෙමඵ බසින් ලියැවී ඇතිබව පුරා විද්‍යාඥයන් පවසයි.ෙදමළ භාෂාව යුග තුනකට බෙදා වෙන්කල හැක.ඒ අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 700 දක්වා පැරණි දෙමළ ලෙසද ක්‍රිස්තු වර්ෂ 700 සිට ක්‍රිස්තු වර්ෂ 1600 දක්වා මධ්‍යතන දෙමළ ලෙසද ක්‍රිස්තු වර්ෂ 1600 සිට වර්ථමානය දක්වා නූතන දෙමළ ලෙස වර්ගීකරණය කළහැක.දෙමළ භාෂාවේ ප්‍රථම ව්‍යාකරණ ග්‍රන්තය ලෙස ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසයේ ලියැවුන තොල්කාප්පියම් ග්‍රන්තය දැක්විය හැක.ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව දෙමළ භාෂාව ශිව දෙවියන්ගේ හා කතරගම දෙවියන්ගේ නිර්මාණයකි.මෙම භාෂාව මිනිසුන්ට හදුන්වා දෙන්නේ අගෂ්ථි ඍෂිවරයා විසිනි.ඉන්දීය සාහිත්‍යතුල සංස්කෘත හැරුනුවිට වැඩිම සාහිත්‍ය ග්‍රන්ත ප්‍රමාණයක් ලියැවී ඇත්තේ දෙමළ බසිණි.



දෙමළ සාහිත්‍ය


දෙමළ සාහිත්‍ය ග්‍රන්ත ක්‍රිස්තු පූර්ව දෙවන සියවසයේ සිට ලියැවී ඇත.ප්‍රකට දෙමළ සංඝම් සාහික්‍ය යුගය මෙම අවධියේ ආරම්භවිය.ආදරය යුද්ධය ආගමික කාරණා ආදී පාදක කරගනිමින් ලියැවුන කාව්‍ය ග්‍රන්ත රැසක් සංඝම් සාහිත්‍ය යුගයෙන් හමුවේ.මෙම කාව්‍යයන් සදහා හින්දු ජෛන හා බෞද්ධ ධර්මයන්හි ආභාෂය ලැබී ඇත.සංඝම් සාහිත්‍ය යුගයට අයත් පංචමහා කාව්‍යයන් එහිදී ප්‍රමුඛය.මෙම කාව්‍යයන් පහෙන් තුනක් ලියා ඇත්තේ ජෛන කවියන් විසිනි ඉතිරි කව්‍යයන් දෙක බෞද්ධ කවියන් විසින් ලියාඇත.බෞද්ධ මහා කවියකු වූ ඉලංබෝධියන් කවියා විසින් මණිමේකළෛ කාව්‍ය ග්‍රන්තයද කුණ්ඩලකේශි මහා කාව්‍ය ද බෞද්ධ කවියකු විසින් රචිතය.ජෛන ආගමික දෙමළ කවීන් අතර උළ්ලොචනම් නම් කවියා ද ප්‍රමුඛය.තොල්කාප්පියම් තිරුක්කුරළ් සිලප්පදිකාරම් සීවක සිංතාමනී වලෙයාපති යන ග්‍රන්ත ජෛන ආගමික දෙමළ උගතුන් විසින් දෙමළ සාහිත්‍ය පෝෂනය උදෙසා කල මෙහෙය කියාපායි.රාමායනය ග්‍රන්තයද මෙම අවධියේ දීම දෙමළ බසට අනුවාදනය කර ඇත.



භාෂන දෙමළ හා ලේඛන දෙමළ


දෙමළ භාෂාවේ භාෂනය හා ලේඛනය අතර පැහැදිළි වෙනසක් පවතී.මෙවැනි වෙනස්කම් බොහෝ පැරණි දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂා වල දක්නට ලැබේ.උදාහරණ ලෙස සිංහල භාෂාවේද මෙම භාෂනය හා ලේඛනය අතර පැහැදිළි වෙසක් පවතී.වාග් විද්‍යාඥයන් සදහන් කරන්නේ මෙවන් ද්වීස්වශාවයන් භාෂාවකට උරුම වන්නේ ලේඛනයට වඩා ඉතාමත් වේගයෙන් භාෂනය වෙනස් වීම බවයි.භාෂාවක ලේඛන ක්‍රමයන් පරිණාමය වන්නේ ඉතා සෙමිනි.



භාෂන දෙමළ


සමාන්‍යයෙන් ඕකෑම භාෂාවක භාෂනය සීඝ්‍ර පරිණාමයකට ලක්වෙයි.සම්මත භාෂාව ප්‍රාදේශිය වශයෙන් හා සමාජීය වශයෙන් උප බෙදීම් වලට ලක්වේ.දෙමළ භාෂාව තුල මෙම උප බෙදීම් ඉතා පැහැදිළිව දක්නට ලැබේ.මෙම උප භාෂාවන්හි භාෂන රටාවේ පැහැදිළි වෙනසක් දක්නට ලැබේ.උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ භාවිතවන දෙමළ භාෂාව යාපන දෙමළ හෙවත් උතුරු ප්‍රදේශයේ භාවිතවන දෙමළ උප භාෂාව මඩකලපු දෙමළ හෙවත් නැගෙනහිර උප භාෂාව උඩරට හෙවත් වතු දෙමළ උප භාෂාව කොළඹ දෙමළ හෙවත් අගනුවර ආශ්‍රිත ව්‍යවහාරවන දෙමළ ආදී වශයෙන් භාෂනයේ විවිධත්වයක් පවතී.මේ ආකාරයට එකම සමමත භාෂාවක පවා භාෂනය අනුව උප බෙදීම් දෙමළ භාෂාවේ දක්නට ලැබේ.



ලේඛන දෙමළ


දෙමළ භාෂාවේ ලිඛිත ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තන්වන සියවස පමණ දක්වා විහිදේ.දෙමළ බසින් ලියැවුන ශිලා ලේඛන මෙම අවධියේ සිට දක්නට ලැබේ.දෙමළ භාෂාවේ ප්‍රථම ව්‍යාකරණ ග්‍රන්තය ලෙස ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසයේ දී රචිත තොල්කාප්පියම් ග්‍රන්තය දැක්වේ.මීලගට 13 වන සියවසයේ රචිත වීරචෝලියම් ග්‍රන්තය දැක්වේ.දෙමළ අක්ෂර සකස්වීමට බ්‍රාහ්මීය අක්ෂර බලපා ඇතිබව වාග් විදයාඥයන්ෙග් අදහසයි.පසුව චෝල හා පල්ලව අක්ෂර වල ආභාෂයද ලැබී ඇත.



දෙමළ අක්ෂර


සම්මත දෙමළ හෝඩිය තුල ස්වර 12 ක් ඇත.ඒවා මෙසේය.அ,ஆ,இ,ஈ,உ,ஊ,எ,ஏ,ஜ,ஒ,ஓ,ஔ.මෙම අක්ෂර දීර්ඝ හා හ්‍රස්ව වශයෙන් බෙදේ.


  1. හ්‍රස්ව ස්වර−அ,இ,உ,எ,ஒ

  2. දීර්ඝ ස්වර−ஆ.ஈ.ஊ,ஏ,ஜ,ஓ,ஔ




සම්මත දෙමළ හෝඩිය තුල ව්‍යඤ්ජන අක්ෂර 18ක් දක්නට ලැබේ.ඒවා මෙසේය. க,ங,ச,ஞ,ட,ண,த,ந,ப,ம,ய,ர,ல,வ,ழ,ள,ற,ன මීට අමතරව ග්‍රන්තාක්ෂර නමින් හදුන්වන අක්ෂර කිහිපයක් ඇත.මෙම අක්ෂර පසුකාලීනව දෙමළ බසට එක්වූ අක්ෂරයන්ය.ඒවා මෙසේය ஸ,ஷ,ஹ,க்ஷ,ஶ்ரீ.

අායුධ අක්ෂරය නම් වූ විශේෂ අක්ෂරයක්ද දෙමළ භාෂාවේ දක්නට ලැබේ.



අක්ෂර උච්චාරණය


ස්වර උච්චාරණය ජාත්‍යන්තර වාග් විෂයික හෝඩියට අනුව මෙසේය.

හ්‍රස්ව ස්වර


  • அ=ʌ.a.ə.

  • இ=|

  • உ=ʊ

  • எ=ɛ

  • ஒ=ɒ

දීර්ඝ ස්වර


  • ஆ=ʌː

  • ஈ=|ː

  • ஊ=uː

  • ஏ=ɛː

  • ஜ=ʌ|

  • ஓ=ɔ

  • ஔ=ʌʊ



දෙමළ ව්‍යඤ්ජන වලට අනුරූප සිංහල අක්ෂර හා ΙΡΑ උච්චාරණය



  • க=ක.ග.හ (k.ɡ.h) මෙම අක්ෂරය වචනයක මුලට හෝ ද්විත්වී හෝ යෙදෙනවිට k ලෙස උච්චාරණයවේ.ங,ண අක්ෂරයන්ට පසුව ɡ ලෙස උච්චාරණයවේ.මෙම අක්ෂරය තනිව මැදට මුලට යෙදෙනවිට h ලෙස උච්චාරණයවේ.

  • ங=අං (ɧ) මෙය සිංහල භාෂාවේ අනුස්වාරය හෙවත් බිංදවට සමානය.

  • ச=ස.ච.ජ (s.ʃ.d͡ʒ) මෙම අක්ෂරය වචනයක මුලට මැදට අගට තනිව යෙදෙනවිට s ලෙසද ද්විත්වවී යෙදෙනවිට ʃ ලෙසද ஞ අක්ෂරයට පසුව යෙදෙනවිට d͡ʒ ලෙසද උච්චාරණයවේ.

  • ஞ=ඤ (ɳ)

  • ட=ඩ.ට (d.t) මෙම අක්ෂරය වචනයක තනිව මැදට අගට යෙදෙනවිට d ලෙසද ද්විත්වවී යෙදෙනවිට t ලෙසද උච්චාරණයවේ.

  • ண=ණ (ɴ̩)

  • த=ත.ද (θ.ð) මෙම අක්ෂරය වචනයක මුලට හෝ ද්විත්වවී යෙදෙනවිට θ ලෙසද මැදට අගට තනිව යෙදෙනවිට ð ලෙසද උච්චාරණයවේ.

  • ந=න (ɴ) මෙම අක්ෂරය වචනයක මුලට හා த අක්ෂරයට පූර්වව යෙදුනවිට ɴ ලෙස උච්චාරණයවේ.

  • ப=ප.බ (p.b) මෙම අක්ෂරය වචනයක මුලට හා ද්විත්ව වී යෙදුනවිට p ලෙස උච්චාරණයවේ.

  • ம=ම (m)

  • ய=ය (ʅ)

  • ர=ර (ʀ)

  • ல=ල (ʟ)

  • வ=ව (ɭ)

  • ழ=ළ (ʟ̩)

  • ள=ල (ʟ)

  • ற=ර (ʀ.t)

  • ன=න (ɴ)

ː



දෙමළ හෝඩිය













































































































































































































































க்காகிகீகுகூகெகேகைகொகோகௌ
ங்ஙாஙிஙீஙுஙூஙெஙேஙைஙொஙோஙௌ
ச்சாசிசீசுசூசெசேசைசொசோசௌ
ஞ்ஞாஞிஞீஞுஞூஞெஞேஞைஞொஞோஞௌ
ட்டாடிடீடுடூடெடேடைடொடோடௌ
ண்ணாணிணீணுணூணெணேணைணொணோணௌ
த்தாதிதீதுதூதெதேதைதொதோதௌ
ந்நாநிநீநுநூநெநேநைநொநோநௌ
ப்பாபிபீபுபூபெபேபைபொபோபௌ
ம்மாமிமீமுமூமெமேமைமொமோமௌ
ய்யாயியீயுயூயெயேயையொயோயௌ
ர்ராரிரீருரூரெரேரைரொரோரௌ
ல்லாலிலீலுலூலெலேலைலொலோலௌ
வ்வாவிவீவுவூவெவேவைவொவோவௌ
ழ்ழாழிழீழுழூழெழேழைழொழோழௌ
ற்றாறிறீறுறூறெறேறைறொறோறௌ
ள்ளாளிளீளுளூளெளேளைளொளோளௌ


නාම පද


දෙමළ භාෂාවේදී සියලු නාම පද කුල පද දෙකකට බෙදා වෙන් කරයි.ඒ උසස් කුලපද හා පහත් කුලපද ලෙසයි.උසස් කුලපද ලෙස දෙවියන් හා මිනිසුන් දක්වා ඇති අතර අනෙකුත් සියළුම අමානවවාචී නාමපද පහත් කුලපද ලෙස හදුන්වයි.



ආශ්‍රිත ලිපි


  • ද්‍රවිඩ භාෂා


සටහන්




  1. 1997 වැනි වාර්ෂික සමාලෝචනය http://www.ethnologue.com/show_language.asp?code=tam









"https://si.wikipedia.org/w/index.php?title=දෙමළ_භාෂාව&oldid=440039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි













සංචාලන මෙනුව


























(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.108","walltime":"0.164","ppvisitednodes":"value":504,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":2921,"limit":2097152,"templateargumentsize":"value":684,"limit":2097152,"expansiondepth":"value":19,"limit":40,"expensivefunctioncount":"value":0,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":466,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 117.407 1 -total"," 76.07% 89.313 2 සැකිල්ල:Citation_needed"," 40.77% 47.867 1 සැකිල්ල:Fix"," 18.35% 21.549 1 සැකිල්ල:Category_handler"," 17.04% 20.010 1 සැකිල්ල:Cat_handler"," 6.21% 7.293 1 සැකිල්ල:ප්‍රවර්ග_හසුරුවන්නා/අපලේඛණය"," 6.20% 7.275 1 සැකිල්ල:Reflist"," 6.07% 7.130 1 සැකිල්ල:ප්‍රවර්ග_හසුරුවන්නා/අංකිත"," 5.92% 6.949 1 සැකිල්ල:ප්‍රවර්_හසුරුවන්නා/අංකිත"," 4.36% 5.118 2 සැකිල්ල:If_pagename"],"scribunto":"limitreport-timeusage":"value":"0.004","limit":"10.000","limitreport-memusage":"value":526262,"limit":52428800,"cachereport":"origin":"mw1296","timestamp":"20191011123845","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0dafu0dd9u0db8u0dc5 u0db7u0dcfu0dc2u0dcfu0dc0","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80","sameAs":"http://www.wikidata.org/entity/Q5885","mainEntity":"http://www.wikidata.org/entity/Q5885","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2009-01-11T18:31:19Z","dateModified":"2019-08-12T17:02:34Z","headline":"u0dafu0dd9u0db8u0dc5 u0db7u0dcfu0dc2u0dcfu0dc0"(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":118,"wgHostname":"mw1247"););

Popular posts from this blog

Distance measures on a map of a game The 2019 Stack Overflow Developer Survey Results Are Inmin distance in a graphShortest distance path on contour plotHow to plot a tilted map?Finding points outside of a diskDelaunay link distanceAnnulus from GeoDisks: drawing a ring on a mapNegative Correlation DistanceFind distance along a path (GPS coordinates)Finding position at given distance in a GeoPathMathematics behind distance estimation using camera

Genealogie vun de Merowenger Vum Merowech bis zum Chilperich I. | Navigatiounsmenü

How to get a smooth, uniform ParametricPlot of a 2D Region?How to plot a complicated Region?How to exclude a region from ParametricPlotHow discretize a region placing vertices on a specific non-uniform gridHow to transform a Plot or a ParametricPlot into a RegionHow can I get a smooth plot of a bounded region?Smooth ParametricPlot3D with RegionFunction?Smooth border of a region ParametricPlotSmooth region boundarySmooth region plot from list of pointsGet minimum y of a certain x in a region